“ඔහු ඉල්ලන්නේ එකම දෙයකි.එය නම් විදෙස් රටකට ගොස් වැඩිදුර අධ්‍යාපන කටයුතු හැදෑරීමයි.කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය.ගිය වසරේ (2014) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හී පැවති මෙම සමස්ථ තරඟාවලියේ කර්මාන්ත අංශයේ ප්‍රථම ස්ථානයද මෙම සිසුවා හිමිකරගත්තා.අනුරාධපුර,තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මොහු නමින් “නාමල් උදාර” නම් වේ.
ලොස් ඇන්ජලිස්හී පැවති ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් ඒ සුවිශේෂි අවස්ථාව.
ලංකාවේ පළමු තාක්ෂණ විද්‍යා පීඨයද ආරම්භ කරන ලද්දේ නාමල් උදාරගේ මෙම තාක්ෂණික හැකියාවට පින්සිද්ධ වීමටය.තඹුත්තේගම මැදි විදුහලේදී එය ස්ථාපිත කරන ලද්දේ එවකට අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති එස් එම් රංජිත් මහ ඇමති තුමාගේ ප්‍රධානත්වයෙනි.
මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුන් බවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.
මේ සියලු ගරු බුහුමන් ලබාදී පිළිගත් නාමල් උදාර සිසුවාට එදා ඔවුන් සියලු දෙනා ලබාදුන් පොරොන්දු සියල්ලක් පුස්සක් වී හමාරය.ජයග්‍රහණය ලබා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමටත් ප්‍රථම ඔහුගේ ගෙදරට ගොස් ජී 20 නමැති ආයතනයෙන් කොරියානු ශිෂ්‍යත්වයක් ලබා දීමට පොරොන්දුවක් ලබා දුන්නත් එය පිළිබඳව විමසීමට ගියවිට එය නැතැයි යන්න ඔවුන්ගේ පිළිතුර වූ බවයි නාමල් උදාර සඳහන් කළේ.
එමෙන්ම තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක් සාදා ගැනීම පවා පැත්තකට දැමීමට ඔහුට සිදු වී ඇත්තේද ආර්ථික අපහසුතා නිසාය.
ඔහු නැවත නැවත ඉල්ලා සිටින්නේ එකම දෙයකි.එය නම්,
“මට ඕනේ එකම දෙයයි.ඒ මට ඕනේ ගොඩක් ඉගෙන ගන්න.මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවක් වෙන්න.ඒකට විදෙස් රටක ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට මං අපේක්ෂා කරනවා.මට ශිෂ්‍යත්වයක් දෙන්න අනුග්‍රහය සපයන ආයතනයක් හෝ කව්රුන් හෝ මැදිහත් වෙනවානම්, අධ්‍යාපන කටයුතු අවසන් කරලා,එම ආයතනයට සේවය කිරීමට මට හැකියි.මම නැවත නැවතත් කියන්නේ මගේ අධ්‍යාපනයට උදව් කරන්න කියලා.
සමහර විටෙක අපට සිතෙන්නේ නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරි තරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසිය අතර පරතරය කෙතරම් සුවිශාල යන්නයි.
මේ සිසුවාට අත්වැලක් සැපයීමට ඔබට හැකියාව තිබේනම් 071- 4180396 මේ ශිෂ්‍යාගේ දුරකථන අංකයට කතාකොට ඔහුගේ සිහිනය යථාර්ථයක් වීමට අත්වැලක් සැපයන ලෙස අප ඉල්ලා සිටිනවා.
y