”ජනතාව මහින්ද රාජපක්ෂ පැන්නුවේ පස්ස දොරින් අනෙක් ආණ්ඩුවට ඇතුළත් කරගන්න නෙමෙයි” යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා කඹුරුපිටියේ පැවැති හමුවකදී අවධාරණය කළේය.
අගෝස්තු 18දා තුනෙන් දෙකේ බලය සහිත එජාප ආණ්ඩුවක් බිහිකරන බව ද ඔහු එහිදී කියා සිටියේය.
” අපි එ.ජා.ප.ය හැටියට වෙනම තරග කරලා පාර්ලිමේන්තුව තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගෙන තනියම පාලනය ගෙනියන්න පුලුවන්. නමුත් මේ රටට ඕන සමගි දේශපාලනයක් නිසා අපේ ජයග්රහනයෙන් පස්සේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතු ලු අනෙකුත් සියලූ කණ්ඩායම් එකතු කරගෙන තුනෙන් දෙකේ බලයට මුල්වෙච්ච එජාප ආණ්ඩුවක් පිහිටුවනවා.
ඔක්කොම එකතු කරගෙන යන්න ලෑස්ති වුණත් අර හොරකම් කරපු මැරකම් කරපු රාජපක්ෂලගේ අභයාරාම පාර්ශවේ අය අපි කිසිම හේතුවකට නව ආණ්ඩුවට එකතු කර ගන්නෙ නැහැ.” යි ද ඔහු පැවැසීය.