මේ අවස්ථාවේ දේශපාලනයට පිවිසීමේ අදහසක් නැති බව ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව අන්තර් ජාලය සහ පුවත්වත් වල පළ කර තිබිණි. එහෙත් එම වාර්තා ප්‍රතික්ෂේප කළ ඔහු පවසන්නේ ” දේශපාලනයට සුදුසු අය ඉන්නවා. ” යනුවෙන්ය. කවදාවත්ම දේශපාලනයට නොඑන්නේ දැයි පෙරළා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූයේ, ” කවදාවත්ම නොඑන බව නොකියන බවයි..!
එහෙත් මීළඟට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියටද සහභාගී වීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය. රාජපක්ෂ පාලනය යටතේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන ශ්‍රී ලංකා පිළේ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනාටම දැඩි දේශපාලන බලපෑම් එල්ල වී තිබිණ. එම තත්වය කොතෙක් බරපතල වීද යත් 2010 ලෝක කුසලාන තරගාවලියේදී වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සුවිශේෂී සම්මානය ලැබූ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ හෙළි කර සිටියේ. තමන් ඇතුළු ක්‍රීඩකයින් රැසකට දේශපාලන බලපෑම් කෙරෙමින් තිබෙන බවය.