ඉදිරි පස් වසර තුළ මෙරට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 6000ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය ආයෝජන, කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්රයන්හි පුළුල් සංවර්ධනයක් සිදු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
සීතාවක ගඟේ මැණික් ගැරීමේ ඒකාබද්ධ නියමු ව්‍යාපෘතියේ ප්රතිලාභ එම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම වෙනුවෙන් දෙහිඕවිට ප්‍රාදේශිය ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ උත්සවයක් පැවැත්වුණි.
එහිදී පූජනීය ස්ථාන 165ට, සමෘද්ධි ලාභීන්, ආබාධිත පුද්ගලයින් සහ මව්පියන් අහිමි දරුවන් 900 දෙනෙකු අතර රුපියල් ලක්ෂ 342 ක මුදලක් බෙදාදී තිබේ.
එම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ මැණික් කර්මාන්තයෙන් ව්‍යාපාරිකයන් හා රජය ලබන ලාභයෙන් කොටසක් අදාළ ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියේදී ක්‍රියාවට නැංවිය යුතු බවයි.