• Fri. Feb 3rd, 2023

murali1

දේශපාලනයට පිවිසීමෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙනවා යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සිටි සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය, ලෝක බැංකුව, ජාතික පාපැදි සංගමය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානත්වයෙන් පෙරේදා (27) විහාරමහාදේවි උද්‍යානය අසල සංවිධානය කර තිබූ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර උළෙලට (Good food Festivel )  ආරාධිතයකු ලෙස සහභාගි වූ මුත්තයියා මුරලිදරන් මහතාගෙන් ඉදිරි මහ මැතිවරණයට සහභාගි වන්නේ දැයි පුවත් පතක් කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙම අදහස්‌ පළ කර ඇත.

එහිදී එම පුවත් පත ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙසේ ද පවසා ඇත.

ප්‍රශ්නය – ඔබට දේශපාලනයට එන්න කියලා ආරාධනා ලැබුණාද?

මුරලිදරන් – මට ආරාධනා ලැබුණත් මම ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වන්නේ නැහැ. දේශපාලනය කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට හානි වනවා. ඒ නිසා මම ඡන්දවලට කොයි පක්‍ෂයකින්වත් එන්නේ නැහැ.

ප්‍රශ්නය – සුපිරි ක්‍රීඩක කුමාර සංගක්‌කාර දේශපාලනයට එන බවට කතාවක්‌ තියෙනවා. ඒ ගැන ඔබ දන්නවාද?

මුරලිදරන් – කුමාර සංගක්‌කාර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. එයා මේ වන විටත් විදේශ රටක්‌ සමඟ ක්‍රීඩා කිරීමට වසර දෙකක ගිවිසුමක්‌ අත්සන් කරලා තියෙන්නේ. සංගක්‌කාර දේශපාලනයට එනවා කියන එක කතාවක්‌ පමණයි.

මෙම උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා ද සහභාගි වි ඇති බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *