හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ ඉතා සමීපතමයෙකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යටතේ එම බැංකුව සම්බන්ධයෙන් මහාපරිමාණ සංඛ්‍යාදත්ත විකෘත්තියක් කර ඇති බවත් විශාල අලාභයක් සිදු වී ඇති බවත් හෙළි වේ.
2013 සහ 2014 වර්ෂවලදී එම බැංකුව රුපියල් මිලියන හැත්තෑ එක්දහස් හැත්තෑවක (රු.මි. 71,070) අලාභයක් ලබා ඇති අතර එම තත්වය වසන් කරමින් මහා භාණ්ඩාගාරයට ලබාංශ ගෙවීම් වශයෙන් රුපියල් මිලියන තිස්තුන්දහස් පන්සියයක් (රු.මි. 33,500) එම වර්ශ දෙකේදී ගෙවා ඇති බව විගනකාධිපති වාර්තාවෙන් හෙළි වී තිබේ.
2012 වර්ශයේදී රුපියල් මිලියන හැටහයදහස් හත්සිය හතරක (රු.මි. 66,704) ලාභයක් ලැබූ බවත් එය 2013 වර්ශය අවසන් වනවිට රුපියල් මිලියන තිස් අටදහස් හත්සිය හැට එකක් (රු.මි. 38,761) අලාභයක් බවට පත්වී ඇති පව විගනකාධිපති වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.