ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුළ තරගකරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු වශයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමන් විසින් නම් කිරීමක් සිදු කර නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිළිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කර නොමැති බවයි.
එමෙන්ම අගමැතිවරයෙකු පත්කරනු ලබන්නේ මහමැතිවරණයෙන් පසුව පත්වන මන්තී‍්‍රවරුන්ගේ අදහස් මත වන අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් අගමැතිවරයෙකු පත්කරනු ලබන්නේ මහමැතිවරණයෙන් පසුව පත්වන මන්තී‍්‍රවරුන්ගේ අදහස් මත වන අතර බවයි එහි සඳහන් වන්නේ.
එම නිල නිවේදනය පහතින්,