• Thu. Feb 2nd, 2023

මහින්දට නාම යෝජනා දුන්නොත් මන්ත්‍රීවරු 43ක් යූඇන්පීයට.

my3 mr1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට කටයුතු කළහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 43 ශ්‍රීලනිපයෙන් ඉවත් වී යූඇන්පීය සමග ඉදිරි මැතිවරණයේදී තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් 43 දෙනා අතර පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි නොතකා ක්‍රියාකල ප්‍රබලයන් කිහිප දෙනෙක්ම සිටින බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම හා නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබඳ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මේවා ලැජ්ජා නැති වැඩ බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *