ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා සහාය දුන් පිරිසක් එම සන්ධානයෙන් ඉවත්ව යාමේ ප්රවනතාවක් මතුව ඇති බව වාර්තාවෙනවා.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වන විට ගෙනයමින් පවතින ක්රියාදාමය යළිත් මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම සදහා වන ප්රයත්නයක් නම් ඊට එකග නොවන බවත් එය එසේ වන්නේ නම් තමන්ටද තීරණයක් ගැනීමට සිදුවන බව එකී පිරිස සදහන් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග සදහන් කොට සිටියේ යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයාට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලබා දුනහොත් තමන් තවදුරටත් පක්ෂයේ රැඳී සිටින්නේ දැයි යන්න පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් අදහස්දැක්වූ විද්වතුන් පිරිසක් සදහන් කොට සිටියේ විද්වතුන් මෛත්රීපාල සිරිසේන බලයට පමුණුවා ලීමට අදහස් කළේ දූෂණයෙන් පිරිණු මහින්ද රාජපක්ෂගෙන් රට ආරක්ෂා කිරීම සදහා මිස ඔහුට යළි බලය ලබාදීමට නොවන බවත් සදහන් කොට සිටියේය.