හිටපු හමුදාපති දයා රත්නායක මහතා මහින්ද රාජපක්ෂ පිල සමග සමීපව කටයුතු කරන බව හෙළිවී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියේ අංගයක් වශයෙන් පසුගියදා පැපිලියාන පිරිවෙණේදී පවත්වන ලද ආගමික උත්සවයකට හිටපු හමුදාපතිවරයා සහභාගී වී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී මහින්ද රාජපක්ෂ නීති විරෝධීව බලයේ රැුදී සිටීමට උත්සාහ කළ බවට විවිධ සාක්ෂි පවතින අතර ඒ පිළිබඳව බරපතල චෝදනාවක්ද රාජපක්ෂ පාලනයට එල්ල වී තිබිණි. ජනවාරි 09 වන දින අලූයම අරලියගහ මන්දිරයට කැඳවන ලද ඉහළම ආරක්ෂක සහ සිවිල් නිලධාරීන් අතර හිටපු හමුදාපතිවරයාද විය. ඔහු මෑතකදී විශ්‍රාම ගියේය.
පසුගිය ජනපතිවරණයේදී විදෙස් සේවය හමුදාකරනය වීම ගැන විවේචනය ඉදිරිපත් කලත්,පකිස්තානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දයා රත්නායක මහතා පත් කළේය. එසේ තිබියදී මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් ඔහු සහභාගී වීම බරපතල ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.