සුනාමි මුදල් වංචාවට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවැරැදි කරමින් සැකයේ වාසියට දුන් නඩු තීන්දුව ගැන මුලු රටෙන්ම සමාව ආයාචනය කළ හිටපු අගවිනිසුරු සරත් N සිල්වා මහතා පසුගිය දිනෙක හිටි හැටියේම සම්පූර්ණ වෙනසකට භාජනය වූයේ ඇයි දැයි පසුගියදා කරුණු සහිතව අප ඔප්පු කරන ලදී.
එහි සත්‍යතාවය වඩාත් නිවැරැදි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ප්‍රකාශයයට සහය පළ කිරීමට ඊයේ (01) වීරකැටිය මැදමුලන නිවසට හිටපු අගවිනිසුරු පැමිණ සිටිනු දක්නට ලැබිණි.
පසුගිය ජනපතිවරණ මැතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුද සහාය දැක්වූ අතර ‘මහින්දට තෙවරක් බෑ’ යැයි සටන් පාඨයේ ප්‍රධාන වශයෙන්ම ඔහුද සිටියේය.
කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන බවද හිටපු අගවිනිසුරුවරයා පැවැසූ අතර එහි අච්චාරු ආණ්ඩුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
හිටපු අගවිනිසුරු මෙලෙසින් හිටිහැටියේම වෙනසට හේතුව මූල්‍යමය ගණුදෙනුවක ප්‍රථිපලයක් බව මුල්වරට අනාවරණය කලේද අප විසිනි.