රටත්, ජනතාවත් වෙනුවෙන් ඕනෑම් අභියෝගයක් ජයග්‍රහණය කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් ජනාධිපති ධුරයට පැමිණියේ එම අභියෝගවලට මුහුණදීමට බවයි. කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී ඉදිරියට යාමට තමාට ශක්තිය ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ මහතා මෙම අදහස් පළ කළේ මාවනැල්ල, උස්සාපිටිය අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (02) එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මත්ද්‍රව්‍ය උවදුර නිවාරණය සහ පරිසර සංරක්ෂණය පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ කි‍්‍රයාවට නංවන බවයි. රටට අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරිමට ඉදිරි මහමැතිවරණයෙන් පසු විශේෂ වැඩපිළිවෙලක් අරඹන බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.