• Tue. Feb 7th, 2023

ප්‍රසන්නට ඇති ඇත්ත චෝදනා මෙන්න.

BySandun

Jul 3, 2015

prasana true news

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මේ වනවිට මුල්‍ය වංචාවක් එල්ලවී ඇති අතර ඔහුට අදාළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙමින් තිබේ.

කෙසේ නමුත් ඔහුට එරෙහිව ඇති සත්‍ය චෝදනා කවරේද යන්න මේ වනවිට අනාවරණය කරගැනීමට අපට හැකි වී ඇත.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට එම චෝදනා මෙසේය.

ආරක්ෂක කැමරා පද්ධති ගෙන්වීම හා සේවා සැපයීම සිදුකරන “සිලිකන් ටෙක්නොලොජි” නම් පෞද්ගලික සමාගමට අයත් ඉඩමක බහාලුම් පර්යන්ත අංගනයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදි කර බස්නාහිර පළාත් සභාව වෙත ලබාගැනීමට ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග එකඟවී ඒ සඳහා රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.

එම පෞද්ගලික සමාගම 1993 වසරේ ආරම්භ කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයෙකු වන ගෙහාඩ් මෙන්ඩිස් මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඔහු විසින් එම සමාගමට කොලොන්නාව, මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර 02යි පර්චස් 2.8ක් වූ ඉඩමක් පී.එස්.ඩබ්. අජිත් ස්වර්ණප්‍රිය යන අයගෙන් මිලදී ගෙන, එහි අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමටත් ඉඩම පිරවීම සඳහා අවශ්‍ය අනුමැතිව ලබා දීමටත් එහි බහාලුම් පර්යන්ත අංගනයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමෙන් අනතුරුව පළාත් සභාව වෙත ලබා ගැනීමටත් මහ ඇමතිවරයා එකඟ වී තිබේ.

කෙසේ නමුත් ඒ සඳහා යම් මුදලක් ඉල්ලා ඇති අතර එය මහ ඇමතිවරයාට සෘජුවම ලබාගත නොහැකි බැවින් මුදල ලබා ගත හැකි වන පරිදි 2014. 01. 17වන දින අවභෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. එහි එක් පාර්ශවයකට ඉහත සමාගෙම් අධ්‍යක්ෂ ගෙහාඩ් මෙන්ඩිස් නැමැත්තාත් අනෙක් පාර්ශවයට මහ ඇමතිවරයාගේ බිරිඳ වන ස්ටෙලා රණතුංගත් ඇයගේ සහෝදරියගේ පුත්‍රයා වන නරේජ් ෆාරික්ගේ බිරිඳ වන ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර යන අයත් ඉඩමේ විකුනුම් කරු වන පී.එස්.ඩබ්. අජිත් ස්වර්ණප්‍රිය යන අයත් වන පරිදි එම ගිවිසුම සකස් කර තිබී ඇත.

එහි කොන්දේසිය වී ඇත්තේ එම ඉඩම විකිනීමෙන් ලැබෙන ලාබයෙන් 31%ක් මහ ඇමතිවරයා ලබා දිය යුතු බවය.

කෙසේ නමුත් ඉඩම රුපියල් මිලියන 209කට විකුණා ඇති අතර පසුව අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 70ක අල්ලසක් ඉල්ලා තිබේ. පසුව අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරයා බලහත්කාරය යොදා චෙක්පත් 19ක් මගින් මුදල් ලබාගෙන තිබේ.

එයින් මිලියන 15ක් මේ වනවිටත් මුදල් කරගෙන ඇති බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ වනවිට එම චෝදනාවට අදාළව බී වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ අනුව ඉදිරි අධිකරණමය කටයුතු සිදු වනු ඇතැයිද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *