• Mon. Jan 30th, 2023

mr leave mp

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවතත් ශ්‍රීලනිපයෙන් අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමේ මෙහෙයුමේ ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45කට ආසන්න පිරිසක් පසුගිය දින තුන ඇතුළත නාම යෝජනා ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මුලස්ථානයේ පැවැති සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වී ඇති බව අනාවරණය වේ.

ශ්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලය විසින් නාම යෝජනා අපේක්ෂා කරන්නන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම පසුගිය සඳුදා සිට ආරම්භ කර තිබේ. පසුගිය බදාදා හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීලනිපයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ වෙනත් පාර්ශවයකින් අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපෑම් කරමින් අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් වුවද හිටපු ජනාධිපතිවරිය හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වූ පාර්ශව ගණනාවකගේ විරෝධය හේතුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා හෝ අගමැති අපේක්ෂකත්වය ලබා නොදෙන බවය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකත්වය නොලැබෙන බව තහවුරු වීමත් සමග මහින්ද පිල නියෝජනය කළ විශාල පිරිසක් ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලබා ගැනීමට රහසිගතව පැමිණ තිබේ.

රාජපක්ෂ පිල නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් සිටින බව ප්‍රකාශ කළද මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස නම් කරන ලෙස ඉල්ලා පසුගියදා මැදමුලනේ පැවැති මහින්ද සමග නැගිටින රැලියට සම්බන්ධ වී ඇත්තේ මන්ත්‍රීවරුන් 28 දෙනෙක් පමණක් බව වාර්තා වේ. රාජපක්ෂ පිල නියෝජනය කළ බොහෝ පිරිසක් මේ වනවිට රහසිගතව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලබා ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *