ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි.ඊයේ (03) රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂ උත්තරීතර මණ්ඩලය ඒ සඳහා අවසරය ලබාදී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙත භාරදීමට නියමිත බව එම පක්ෂය පවසයි. . කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය තහවුරු කර ගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරන බවයි මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිෂාම් කාරියප්පර් මාධ්‍ය වෙත පැවසිය.