• Tue. Feb 7th, 2023

පවුල් පාලනයට යළි ඉඩ නෑ – ජනවාරි 8 විප්ලවය ආපසු හැරවීමට ඉඩ දෙන්නෙත් නෑ – ජනපති කියයි

BySandun

Jul 4, 2015

my33
ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ඔහු මේ බව කීවේය.
අවුරුදු හතලිස් ගණනක දේශපාලන අත්දැක්මක් ඇති තමා ජනවාරි අට වැනිදා මහජනතාව සිදු කළ නිහඩ විප්ලවය යළි ආපසු හැරවීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බවත්, නැවත පවුල් පාලනයකට ඉඩ නොදෙන බවත් ජනපති පැවසීය.

“මම දේශපාලනයට හදිසියේ කඩා පාත් වූ කෙනෙක් නොවේ. මට වසර 49 ක දේශාපලන අත්දැකීම් තියෙනවා.  පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. එය මා ආරක්ෂා කරනවා. මේ රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපාලනයක් ඇතිකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *