හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහා මහ මැතිවරණයට. එජනිස ඉදිරිපත්වීමට නාමයෝජනා ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවු බව ඊයේ(3) දිනයේ පැවසුවද එය ශ්‍රී.ල.නි.පයේ අනුමැතිය නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.මෙම ලිපියට අත්සන් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කර ඇති අතර රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙයට අත්සන් තබා නිකුත්කර ඇතිබවඳ රණතුංග මහතා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
පණිවුඩය මෙසේය
“හාස්‍යයට කරුණ නම් මහින්දට නාමයෝජනා දුන්නා කියන පුද්ගලයා අද දිනම “මගෙන් කුණුහර්ප අහගන්නෙපා” ලෙස මාධ්‍යවේදියෙකුට ද්වේශයෙන් බැන වැදීමයි. අදාල ලිපිය පිටපතක් වන අතර එහි මුල් පිටපත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එවා ඇත. එය අත්සන් කිරීම එතුමන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පුද්ගලයා තමාගේ අත්සන ගසා එය පල කොට ඇත. රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා හිටපු පවුල් පාලනයට කඩේ යන පුද්ගලයෙකි මොහු. එ.ජ.නි.ස අනුමැතිය හිමි වීමට නම් ශ්‍රී.ල.නි.පයේ අනුමැතිය හිමි විය යුතුය. මෙය විමල්, ගම්මන්පිල, වාසු, තිස්ස, දිනේශ් වැනි පුද්ගලයින් එකතු වී ගත් තීරණයකි. චන්ද්‍රිකා මැතිණිය, විපක්ෂ නායක තුමා ප්රමුඛ බහුතර ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් මෙයට එකග නැත. ඉදිරියේදී සත්‍යය හෙලි වනු ඇත”