• Sat. Jan 28th, 2023

ශ්‍රී ලංකාවට ණය දීමට ජාත්‍යන්තරය සූදානම්.

loarn

ඉදිරි වසර පහේදි රට පාලනය කරන්නේ වත්මන් ආණ්ඩුව බවට ජාත්‍යන්තරය හොදින් දන්නා බැවින් කිසිඳු පැකිළීමකින් තොරව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ජාත්‍යන්තරය ඉදිරිපත්වන බව ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ සිරිකොත පක්ෂ කාර්යාලයේ දි ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය ඇමැතිවරයා‍ මෙසේද කීය.

අමෙරිකානු ඩොලර් මිලියන පන්සියයක ණය ලබා ගැනීම සඳහා මේ වනවි‍ට ලන්සු කැඳවා ඇති අතර ඒ සඳහා රටවල් හතක් ඉදිරිපත්ව ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය‍.

හිටපු විදේශ ක‍ටයුතු ඇමැති ජී .එල් . පීරිස් මහතා තමන්ගේ තත්ත්වයට නොගැලපෙන ක්‍රියාවලියක් දැන් පටන්අරගෙන. එතුමා දැන් ලෝකේ රටවල්වලට ලිපි යවමින් කේළාම් කීමේ වැඩසටහනක් පටන් අරගෙන .මේ වනවිට ආණ්ඩුව විසුරුවා ඇති නිසා වත්මන් රජයට ණය ලබා දෙන්න එපා කියා ජී. එල් .පීරිස් මහතා කියනවා.ආණ්ඩුව විසුරුවා හැරියා කියා ණය ලබා ගැනීමට හැකියාව තිබෙන බව පීරිස් මහතා හොඳටම දන්නවා .නමුත් එතුමා එය නොදන්නා සේ කටයුතු කරනවා .ආණ්ඩුව විසුරුවීම ණය ලබා ගැනීමට බලපාන් නීතිමය කාරණයක් නෙවෙයි.කිසිම ආකාරයකින් ණය ලබා නොගත යුතුයි යන කාරණය නීතිමය තර්කයක් නෙවෙයි .

‍අපගේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අයවැය මඟින් ණය ලබා ගැනීමට ඉදිරිපත් කළ යෝජනා යටතේ ජාත්‍යන්තරයෙන් යම් ණය ප්‍රමාණයක් ලබා ගැනීමට අපි තීරණය කර තිබෙනවා .අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් අපි ලබාගැනීමට තීරණය කර තිබෙනවා.ඒ සඳහා රටවල් හතක් ලන්සු ඉදිරිපත් කර තිබෙනවා.ජාත්‍යන්තරයෙන් අපට තිබෙන්නේ ඉතා හොඳ ප්‍රතිචාරයක්.සහන ‍ පොලී පදනම යටතේ මෙම ණය ලබාගැනීමට නියමිතයි.ජාත්‍යන්තරය අපගේ ආණ්ඩුව දකින්නේ දින 150 ක ආණ්ඩුවක් ලෙස නොවෙයි.ඉදිරි වසර පහ රට පාලනය කරන්නේ අපි බව ජාත්‍යන්තරය හොඳින් දන්නවා .ඒ නිසා ඔවුන් අපට ණය ලබාදීමට කැමැත්තෙන් සිටිනව.

ඒ වගේම ජාත්‍යන්තර ණය ලබාගත හැක්කේ මහ බැංකුවට පමණක් කියාත් එතුමා සඳහන් කර ති‍බෙනවා .එයත් වැරදියි.අප මේ ණය මුදල ලබා ගැනීමට බලා‍පොරොත්තු වන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යි .මෙම ණය මුදල ලබා ගැනිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේවන වි‍ට කමිටුවක් පත්කර තිබෙනවා‍ .මෙම කමිටුව රජයේ නිලධාරින් පිරිසකගෙන් සමන්විතවයි .

ඒ වගේම අපගේ විදේශ සංචිත ප්‍රමාණය අඩුවී ඇති බවටත් විපක්ෂය සඳහන් කරනවා .එවැන්නක්ද සිදුව නැහැ.අපගේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන අටහමාරේ සිට හය දක්වා අඩු වී ඇති බවත් කියනවා .එය සම්පූර්ණ අසත්‍යයක්.අපගේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන හත හමාරට වඩා වැඩි බව මම වගකීමෙන් පවසනවා . අවුරුදු ගණනක් විනාශ වු ආර්ථිකය දින සියයෙන් හදන්නට ලේසි නැහැ .නමුත් දින සියය ඇතුළේ අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කර තිබෙනවා.අපි අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා .අදවන විට උද්ධමනය සියයට 0.1 ක අගයක්.ඒ වගේම රුපියල අවප්‍රමාණ වී ඇති බවට චෝදනා කරනවා .නමුත් විපක්ෂය කියන ආකාරයේ දෙයක් සිදුව නැහැ.රුපියලේ අගය යම් මට්ටමක පවත්වා ගෙන යාමත් සිදුවී තිබෙනවා.පසුගිය කාලය තුළ පෞද්ගලික අංශයෙන් ණය ලබා ගැනීම් සියයට පහ දක්වා අඩු වී තිබෙනවා.නමුත් අදවන විට එය සියයට පහ‍ළොව දක්වා වර්ධනය වී තිබෙනවා.

පසුගිය දිනක ලෝකයේ රටවල් විවිධ අංශ වල‍ට සිදුකරන වෙන්කිරීම් පිළිබඳ වාර්තාව එළිදක්වා තිබෙනවා .එම වාර්තාව අනුව ශ්‍රි ලංකාවඅධ්‍යාපනය හා සෞඛ්‍යය යන අංශ සඳහා වෙන්කර තිබෙන්නේ වියට්නාමය , බංග්ලාදේශය වැනි රටවල්වලටත් වඩා අඩුවෙන්.අපගේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන්කරන මුදල් ප්‍රමාණය පිළිබඳව කිසිසේත් සතුටු විය හැකි මට්ටමක් තිබු‍‍නෙ නැහැ .

පසුගිය කාලයේදි අධ්‍යාපනයට සෞඛ්‍යයට මුදල් වෙන්කරනවට වඩා සිදු කෙළේ පාරවල්,පාලම්,වරායන්, ගුවන්තොටුපොළ ආදිය ඉදිකිරීමයි.නැව් එන්නේ නැති වරායන්,ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටු පොළ ආදියෙන් රටකට ඇති වැඩේ මොකක්ද?කෝටි ගණන් ණය අරන් පසුගිය ආණ්ඩුව කරපු අසාර්ථක වැඩවලට වැය කරන්නට සිදුවෙනවා.පසුගිය ආණ්ඩුව බදු ආදායම ලෙස ලැබුවේ රුපියල් බිලියන 1050යි.ණය පොළියයි වාරිකයයි විතරක් රුපියල් බිලියන 1074 ක් .ඉතිං කොහොමද කරන්නේ.

තාක්ෂණයට,නවෝත්පාදන,සෞඛ්‍යය, අධ්‍යාපනය,ආදියට මුදල් වෙන් නොකළොත් රටක් ලෙස මේ පවතින තැනින් ඉදිරියට යාමට අපට හැකිවන්නේ නැහැ.ඒ නිසා පාසලෙන් එළියට එන තරුණ තරුණියන්ට ගැලපෙන ආකාරයට අධ්‍යාපනය හා නවෝත්පාදන ඇති කිරීම මෙන්ම වත්මන් ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපනය සකස් කිරීම කෙරෙහි මැතිවරණයෙන් පසුව පිහිටුවන නව ආණ්ඩුව ලෙස අපි අවධානය යොමුකර තිබෙනවා.

ශ්‍රි ලංකන් ගුවන් සේවය බරපතළ ලෙස පාඩු ලබනවා.සමෘද්ධිය සඳහා වෙන්කරන මුදලට වඩා වැඩි මුදලක් මේ පාඩුව පියවීමට ගෙවන්නට සිදුවෙනවා.මේ ගැන ජනතාව තීරණය ගතයුතුයි.ශ්‍රි ලංකන් ගුවන් සේවය සඳහා මේ වනවිට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙනවා.ඒ වගේම බන්දුල ගුණවර්ධන මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශ ගත වූයේ කාරණා දෙකක් සඳහායි .එතුමා චීනයේ අලුතින් ආරම්භ කරන බැංකුවක ශ්‍රි ලංකාවේ සාමාජික කටයුතු සඳහා හා එතුමාගේ ඇසේ ශළ්‍ය කර්මයක් සඳහායි එතුමා විදේශ ගත වූයේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *