පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප්රකාශයට පත් කිරීමත් සමග එළඹුණු ප්රථම ගනුදෙනු දිනයේ සිට මේ දක්වා අඛණ්ඩව කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
පළමු දිනයේම සමස්ත දර්ශකය ඒකක දහසයකින් පමණ ඉහළ ගොස් 7032 ක් ලෙස සටහන් වූ අතර, එය ප්රකෘතිමත් වූයේ මාස දෙකහමාරකින් අවම අගයට පැමිණීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් කොළඹ කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම දිනකට රුපියල් මිලියන 394 ක උපරිමයකට සීමා වී ඇත. එහිදී කොටස් වෙළඳපොළ ප්රාග්ධනයට එක්වූ විදේශීය ආයෝජන ප්රමාණය රුපියල් මිලියන 26.3 කි.