මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු තිදෙනාගේ වැටුප පසුගියදා දෙගුණ කිරීමට බැංකුවේ පාලනාධිකාරිය තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අනුව ඔවුනගේ මාසික වැටුප අනිකුත් දිමනා රහිතව රුපියල් ලක්ෂ 04 ඉක්මවන බව පැවසේ.
නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග මහ බැංකු සෙසු නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බවද වාර්තා වේ.
මේ අතර මහ බැංකුවේ වෘත්තිය සමිති බලපැම් හේතුවෙන් එහි මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂකවරියව මහ බැංකු අධිපතිවරයා විසින් වෙනත් අංශයකට මාරු කර ඇති බවද පැවසේ.
ආචාර්ය පී.එන්.වීරසිංහ, බී.ඞී.ඩබ්.ඒ. සිල්වා හා පී.සමරසිරි යන මහත්වරුන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස කටයුතු කරනු ලබයි.