• Thu. Feb 2nd, 2023

භාරගත්තු රටට වඩා හොඳ රටක් භාර දෙනවා – රනිල්

ranil 5 7 15

දේශපාලන විප්ලවයක් කර ජනවාරි අටවැනිදා භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ ආපසු භාර දෙන බව තමා නිර්භයව පවසන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අගමැතිවරයා එසේ සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේපැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජන්මදින සැමරුම් උළෙලට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

මූලික ප්‍රතිපත්ති එකඟතා මත තමා ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් හදන බව කී අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් ලෙස කටයුතු කරණු ඇතැයි තමා අපේක්ෂා කරන බව අනාවරණය කළේය.

ජනතා ප්‍රශ්න විසඳාළීමට සියලු දෙනා එකට එක්වීම අවශ්‍ය යැයිද වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනවාරි අටවැනිදා ජනාධිපතිවරයා සමඟ ඇති කර ගත් පාලනය පිළිගන්නවාද එසේ නැත්නම් එය ආපසු හරවනවාදැයි තමා ප්‍රශ්න කරන බව ද අගමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *