පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය ආයතන ගණනාවකට විවිධ වාහන 5000ක් පමණ භාවිතකර ඇතැයි රාජ්‍ය සේවාවන්ට අදාළ මැතිවරණ අක්‍රමිකතා විභාග කිරීමේ කමිටුව අනාවරණය කරගෙන ඇතැයි ගෙන ඇති බව, රාජ්‍ය පරිපාලන සහ ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා පසුගියදා හෙළිකර සිටියා.
මේ වෙනුවෙන් පැමිණිලි 114 ක් ලැබුණු බවත්,පුවත්පත් වල පලකල අතිරේක හා දැන්වීම් සඳහා ද, රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල දැන්වීම් පළකිරීම සඳහා ද වැය කර ඇති අතිවිශාල මුදල් ප්‍රමාණය පිළිබඳව තවදුරටත් සොයා බලමින් පවතින බව කරු ජයසුරිය මහතා පවසනවා.
මේ අතර විපක්ෂයේ විවිධ මට්ටම්වල දේශපාලනඥයන් තම පිලට ගැනීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක්, අල්ලස් ලෙස ලබාදුන් බව ද ප්‍රසිද්ධ රහසක් බවද, විමර්ශන වාර්තාව හෙළි කර සිටිනවා.