• Mon. Jan 30th, 2023

සජිත්ව ඇන්දවීමට ප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසක් නැවතත් අර අදියි.

sajith and mr

පසුගිය පාලන සමයේ ධන බලය,අවි බලය සහ විවිධ කුමන්ත්‍රණ අතුරින් නොසැලී එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතුවක් ගෙන ආ ක්‍රියාකාරී සැලසුම් රාජපක්ෂ වරුන්ගේ කූට සැලසුමක් අනුව අඩාල කිරීම සඳහා නැවතත් ප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා එක්ව දියත් කොට සැලසුමක් මේ වනවිට අනාවරණය වි තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මූලිකවී පැවැත්වූ මැතිවරණ 29ක් පරාජය වීමත් පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් හෝ ඔහු මුල්කොටගෙන ගොඩනැගුණු දේශපාලන පක්ෂය ජයග්‍රහණයක් නොවන බව පෙන්වා මොවුන්ගේ මේ කූට සැලසුම යළිත් වතාවත් මාධ්‍ය මගින් උලුප්පා නැවත වතාවක් එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව අඩාළ කිරීමටයි මොවුන්ගේ උපාය වී ඇත්තේ.

කිසියම් ලෙසකින් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට විශාල ජනවරමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පසුගිය කාලයේ මොවුන් රාජපක්ෂවරුන් හා එක්ව සිදුකල විශාල දූෂණ ක්‍රියා අනාවරණය වේවි යැයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කරුණු සහිතව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම පසුගිය කාලයේ රනිල්ට එරෙහිව සිදුකල ප්‍රචාරණයන් වල සිදුවූ දෝෂ මගහරවාගෙන රනිල්ට එරෙහිව මෙම ප්‍රචාරණය සිදුකල යුතු බවයි එහිදී සාකච්ඡාවට ලක් වී ඇත්තේ.

මොවුන්ගේ සැලසුමසම්පූර්ණයෙන්ම අපහට අනාවරණය වී තිබෙන අතර ඔවුන් සිය සැලසුම් ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව සොයා බලා අප එම තොරතුරු හෙළිදරව් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *