ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන් නාම යෝජනා දෙනු ලබන්නේ තමන් සමග සිටින තම කණ්ඩායමටම නාමයෝජනා ලබා දුන්හොත් පමණක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් හට පවසා තිබෙනවා.ඊයෙ රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇති බවයි ‘අපේ රට’ වෙබ් අඩවියට වාර්තා වන්නේ.
එහිදී දිගින් දිගටම ඉතා දැඩි ස්වරයෙන් හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ කුමන චෝදනා එල්ල වී තිබුනත් ඔවුන් තමන් සමග නොසැලී තමන් වෙනුවෙන් සහ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි බවත් තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔවුනටද එම අවස්ථාව ලබා දියයුතු බවයි හිටපු ජනපතිවරයා මහලේකම්වරයාට පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට පසුගිය ආණ්ඩු සමයෙහි විනය විරෝධී චෝදනාවලට ලක්වූ, මත්ද්‍රව්‍යය සහ දූෂණ චෝදනා එල්ලවී ඇති කිසිම අපේක්ෂකයෙකුට නාමයෝජනා ලබා නොදීමටයි තීරණය කර සිටින්නේ.