චෝගම් සමුළුව පැවැති සමයේදී රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේදී තම සහපිරිවර සමඟ ලබාගත් සුඛෝපභෝගි උදෑසන ආහාර වේලකට පමණක් රුපියල් ලක්ෂ අනූහතරක් වැයකර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ (6) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති හෙළිදරව්ව අංක දහය මාධ්‍ය හමුවේදී පැවසීය.
රුපියල් ලක්ෂ අනූහතරේ ආහර බිල 2013 ඔක්තෝබර් මාසයේ 11දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නමට හිල්ටන් හෝටලය නිකුත් කර ඇති අතර මේවන තුරු එම බිල ගෙවීම පැහැර හැර තිබේ.
එම ලක්ෂ අනූහතරේ බිලට අයත් වන උදෑසන ආහාර කීපයක් මෙසේය.
- කළු සහ සුදු චොකලට් තැවරූ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි,
- කළු චොකලට්වල ගිල්වූ විජලනය කරන ලද කර්තකොලොම්බු,
- ක්‍රීම් චීස් සහ පිපිඤ්ඤා සැන්ඩ්විචස්
- තලපත් මාළු යෙදූ සැන්ඩ්විචස්
- මිහි කොසොං,
- ඇපල් ඩැනිෂ්, අන්නාසි ඩැනිෂ්
- මිහි මල්බෙරි මෆින්ස්
මෙම කෑමවේලට අයත්වුන පලතුරු ජාති දහසයකි. ඒවායින් කිහිපයක් පහත වේ.
- තැඹිලි මද
- කොළ කෙසෙල්
- රතු කෙසෙල්
- කෝලිකුට්ටු
- දොඩම්
- පෙයාර්ස්
- ජමනාරං
- රතු සහ කොළ ඇපල්
- පීඩ්
- කොළ සහ රතු මිදි
- පේර
- අන්නාසි
- කොමඩු
- පැෂන්ෆෘට්
chogm ekata apu ayata pol sumbolui pannui dunnaththe ai