ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන් නාම යෝජනා දෙනු ලබන්නේ තමන් සමග සිටින තම කණ්ඩායමටම නාමයෝජනා ලබා දුන්හොත් පමණක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෝරනාඩු කිරීමත් සමග මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොලැබීමේ අවධානමක් මතුව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට පසුගිය ආණ්ඩු සමයෙහි විනය විරෝධී චෝදනාවලට ලක්වූ, මත්ද්‍රව්‍යය සහ දූෂණ චෝදනා එල්ලවී ඇති කිසිම අපේක්ෂකයෙකුට නාමයෝජනා ලබා නොදීමටයි තීරණය කිරීමත් සමගයි මේ අවධානම මතුව තිබෙන්නේ.
මේ තත්වයත් සමග විසිරී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් උත්සහයද , හිටපු ජනාධිපති මහින්දගේ ක්‍රියා කලාපය නිසා අවධානමට ලක්ව තිබෙන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමේ තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ විශාල පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.