පාසැල් තුල මුදල් අයකිරීම වහා නවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතාව පෙළගස්වන ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකත්වයෙන් ගොඩනගන ලද “අධ්‍යාපනය අයිතියක්” සංවිධානය විසින් රට පුරා ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව අද (08) කොළඹ කොටුව ඉදිරිපිට සහ ඊට සමගාමීව නුවර, අනුරාධපුරය,ගාල්ල, කෑගල්ල යන නගරවලදීද පවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර උපාධිධාරින්ට සුදුසු නොවන රාජකාරි පවරමින් රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛවලට එරෙහිව රැකියා ලාභි උපාධිධාරින්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවේ.
රාජ්‍ය හා පළාත් සේවාවන්ට අදාළ එම්.එන්. 04 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරින්ට සුදුසු නොවන රාජකාරි පැවරීම් සම්බන්ධයෙන් උපාධිධාරින් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කර ඇත.