• Tue. Feb 7th, 2023

මහින්දගේ ආගමනය 13 දා දහවල් 12න් පස්සේ බලා ගන්න පුලුවන් – සුසිල්

susil preamayanth 1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුට කිසිම කොන්දේසියක් පනවා නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.විවිධ තැන්වල විවිධ කතා පළ වුණද නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කර ඇති ප්‍රකාශය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

ඇතැම් පුද්ගලයින් පක්ෂය තුළ යම් බෙදීමක් ඇති බවට ප්‍රචාර ගෙන ගියද එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදි මහ ලේකම්වරයා ප්‍රකාශ කෙළේය.තැන තැන කතා කරන කල්ලි, කණ්ඩායම් නොව පක්ෂයේ සභාපතිවරයා සහ මධ්‍යම කාරක සභාව පක්ෂය පිළිබඳව තීන්දු තීරණ ගන්තා බවත් මින් ඉදිරියට සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට සියළුදෙනා එකඟ වු බවත් ඔහු කියා සිටියේය.

තමන් කියනදේ වල ඇත්ත නැත්ත 13 වැනිදා දහවල් 12 න් පසු බලාගත හැකි බව පැවැසු ‍හෙතෙම ඊට පෙර ඇතැම් දේ ප්‍රකාශ කිරීමෙන් මාධ්‍යයටද ප්‍රවෘත්ති නොමැති වී යන බව කීවේය.පක්ෂය තුළ බෙදීමක්, කැඩීයාමක් ඇති වන බවට ප්‍රකාශ වීමත් සමඟ පාක්ෂිකයින් තුළ අභිප්‍රේරනයක් ඇති වු බවත් එහි ප්‍රතිඵල අගොස්තු මස 18 වැනිදා හිරු උදාවෙන කොට බලාගත හැකි බවත් ප්‍රේමජයන්ත පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *