හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි දේශපාලන කරලියට ගෙන එම සඳහා පෙරමුණ ගෙන කටයුතු කල බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කරන ලෙස ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩලයට බලපෑම් එල්ලවී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ පිළිබදව නාමයෝජනා කමිටුවට අද දහවල් උපදෙස් ලබා දී ඇතැයි පැවසේ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්, සන්ධානයෙන් තරග වැදීම සදහා නාමයෝජනා නොලැබී යාමට බොහෝදුරට ඉඩ ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
රණතුංග පවුලේ තිදෙනෙක් මෙවර සන්ධානයෙන් නාමයෝජනා ඉල්ලා තිබේ. අමාත්‍ය අර්ජුන රණතුංග, මහ ඇමති ප්‍රසන්න රණතුංග හා හිටපු මන්ත්‍රී රුවන් රණතුංග ඔවුන් තිදෙනාය.
18 කට විරෝධය.
මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ සමන්මලී සකලසූරිය, ගුණසිරි ජයනාත්, සහන් ප්‍රදීප්, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා යන අය හටද නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සදහා සෘජුවම පෙනී සිටි පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, සම්පත් අතුකොරළ වැනි පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද නාමයෝජනා නොලැබෙන තත්වයක් මතුව ඇති බව පැවසේ.
මේ අතර ඊයේ (07) රාතී‍්‍රයේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකඡ්ඡවේදී එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මන්තී‍්‍රවරයා සන්ධානයේ මහින්ද හිතවාදී හිටපු මන්ති‍්‍රවරුන් 18 දෙනෙකුට නාමයෝජනා ලබා දීමට විරෝධය පල කර ඇත.