යාපනයේ සමුහ දුෂණය කොට ඝාතනය කරණු ලැබු පාසල් සිසුවියගේ ඝාතකයින්ට අධිකරණය මගින් මරණ දඩුවම් දෙන්නේ නම් ඔවුන්ගේ අළුගෝසුවාගේ කාර්ය කිරිමට සිවුරු හැරලා තමන් සුදානම් බැවි දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් දකුණු පළාත් සභා රැස්විමේදි පැවසිය.
පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදයට එක්වෙම්න් සමිත හිමියන් මේසේද පැවසුහ.
“දරුවන් වෙනුවෙන් මා අඵගොසුවාගේ කාර්ය භාර්ය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා.
මා භික්ෂුවක් කාටවත් වෛර කරන්නේ නැහැ.
අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
එල්ලුම් ගහට අළුගෝසුවන් තොරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා.
නමුත් යාපනයේ දි සමුහ දුෂණයට ලක්කොට ඝාතනය කරනු ලැබු විද්‍යා දැරියගේ ඝාතකයින්ට අධිකරණයෙන් මරණ දඩුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගොසුවාගේ කාර්ය කරනවා.”