” මතින් නිදහස් රටක් ” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවයට අද (09) පෙරවරුවේ ජා-ඇල නගර සභා ක්‍රිඩාංගණයේදී පැවැත්වුනි.
මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා ඇත.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක් බවයි.
නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරතවනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුථ මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන්ද අමාත්‍යවරුන් වන ජෝශප් මයිකල් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, ෆිලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශාන්ත බණ්ඩාර ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව මෙය ක්‍රියාත්මක කෙරේ.