තමන්ගේ රුව සහිතව ප්රදර්ශනය කර ඇති සියලුම කටවුට් වහාම ගලවා ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා සිය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
දින සියයේ ප්රගතිය සඳහන් කටවුට් ඇතුළු තම රුව ඇතුළත් අනෙකුත් කටවුට් ඉදිරි මහ මැතිවරණයේ නාමයෝජනා ලබාදීමට පෙර ගලවා ඉවත් කරන ලෙස සහ පරිසරටය හානිවන අන්දමින් කිසිඳු අපේක්ෂකයෙකුට සිය ප්රචාරණයන් සිදු කිරීමට අවසර නොදෙන ලෙසටයි අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.