• Thu. Feb 2nd, 2023

අගමැති හා හිටපු ජනපති නාමයෝජනා අත්සන් තබති

BySandun

Jul 10, 2015

mahinda and ranil

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්‌තුවලට අත්සන් තැබීම ඊයේ (9 වැනිදා) සිදුවූ අතර ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ මහවැලි කේන්ද්‍රයේදීත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදීත් සුබ මොහොතින් සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබූහ.

සන්ධානයේ නාමයෝජනාවලට අපේක්‍ෂකයන්ගේ අත්සන් ලබා ගැනීම මහවැලි කේන්ද්‍රයේදී සිදු විය.

mahinda 1මහින්ද රාජපක්‍ෂ මහතා මහ මැතිවරණය සඳහා තරග වදිනුයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙනි.

නාමයෝජනා අත්සන් තබන අවස්‌ථාවට සහභාගි වීම සඳහා සන්ධානයේ මන්ත්‍රීවරු රැසක්‌ ඊයේ (9 දා) මහවැලි කේන්ද්‍රය වෙත පැමිණ සිටියහ.

 

ranil1එජාප අපේක්‍ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම සිරිකොතදී සිදුවූ අතර එජාපයේ මැති ඇමැතිවරු රැසක්‌ම එහිදී නාමයෝජනා සඳහා අත්සන් තැබූහ.

රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා අත්සන් තබන මොහොතේ එජාප මහ ලේකම් කබීර් හෂීම් සහ නාමයෝජනා කමිටු ප්‍රධානී කරු ජයසූරිය යන මහත්වරුද සිරිකොතට පැමිණ සිටියහ.

නාමයෝජනා භාරදීම අවසන් වන ලබන සඳුදායින් (13 වැනිදා) පසු එළැඹෙන සතිය තුළදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඓතිහාසික අනුරාධපුර නගරයෙන් ආරම්භ කිරීමටද නියමිතව ඇත.

සිනමා නළු කමල් අද්දර ආරච්චි මහතාද මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වීම සඳහා ඊයේ (9 දා) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබූ අතර අජිත් පී. පෙරේරා, හර්ෂද සිල්වා, පලනි දිගම්බරන් යන එජාප අපේක්‍ෂකයන්ද නාමයෝජනාවලට අත්සන් තැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *