මේ රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මැතිවරණය තීරණාත්මක බවත්, ජනතාව ලබාදුන් ලක්ෂ හැට දෙකක ජනමතයට එරෙහි නොවී නිවැරදි තීන්දුවක් ජනාධිපතිවරයා ගන්නා තුරු රටේ ජනතාව ඒ දෙස බලා සිටින බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ් ඊයේ (09) පැවැසූහ.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එසේ සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළේ පසුගිය ජනවාරි මස 08 වන දින ජනතාව ලබාදුන් තීන්දුවට එරෙහිව කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල්පනා කර කටයුතු කළ යුතු බවත් එතුමා ලබාදෙන තීන්දුව දෙස අද මුළු රටම බලා සිටින බවත් මල්වතු මහා නාහිමියෝ පැවසූහ. ජනතා තීන්දුවට ජනාධිපති වරයා එරෙහි නොවේයැයි තමන් වහන්සේ සිතන බවත් මහානාහිමියෝ කීහ.
හර්ෂණ රාජකරුණා වැනි අවංක තරුණ පිරිස් අද මේ රටේ දේශපාලනයට අවශ්‍යව තිබියදීත් නැවතත් මෙවර පරණ නඩයම පාර්ලිමේන්තුවට පැමිණෙන බව පෙනෙන්නට ඇතැයිද මහා නාහිමියෝ කීහ. හොර මැරකම් නැති අවංක දේශපාලනඥයින් හට නාමයෝජනා ලබාදීමට පක්ෂ නායකයින් පියවර ගත යුතු බවත් වංචා දූෂණ මැරකම් ඇති අයට ඡන්දය ලබානොදෙන ලෙස ගම්වල ජනතාවට කොපමණ කීවත් ඒ අයට ඒ සම්බන්ධව තේරුමක් නැති බවද මහානාහිමියෝ පෙන්වා දුන්හ.
මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේදී පැෆරල් සංවිධානය වැදගත් වැඩපිළිවෙළක් ප්‍රකාශයටපත් කළ බවත්, ඒ අනුව වැඩ කිරීම සියලු පක්ෂ නායකයින්ගේ වගකීම බවත් මහා නාහිමියෝ සඳහන් කළහ. අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් පාර්ලිමේන්තුවක් බවත් ඒ සඳහා රටට ආදරය ඇති තරුණයින් පත් කළ යුතු බවත් මහා නාහිමියෝ කීහ.
oba wahanse hemedema niwaradiwa dutuwa ape hamuduruwane. oba wahansege illemata eakagayi. deergayu pathami