• Mon. Jan 30th, 2023

මැතිවරණයෙන් පසු මහින්දට හිමිවන්නේ මන්ත්‍රී ආරක්‍ෂාව පමණයි

mahinda rajapaksa security

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියොත් ආරක්‍ෂාව තවත් වැඩි කිරීමට සූදානම් යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව දීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සීමාවන්ට වඩා ආරක්‍ෂාවක්‌ මේ වනවිටත් ඔහුට ලබාදී ඇති බවත්, බුද්ධි අංශ හා වෙනත් සාධක මත ආරක්‍ෂාව තවත් ඉල්ලා සිටියහොත් වැඩි කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.
මෙහිදී වැඩිහ්දුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාට හිටපු ජනපති ලෙස හිමි වරප්‍රසාද මැතිවරණයෙන් පසුව හිමි නොවන බවත් එවිට හිමිවන්නේ මන්ත්‍රී වරප්‍රසාද බවත් බවය.
විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ වූවහොත් හිමිවන්නේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *