ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින්ද අඩු කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 60 ක් දක්වා අඩු කිරිමටද මුදල් ඇමති රවි කරුණානායක තීරණය කර තිබේ.
ජුලි 15 වන දින සිට මෙම වෙනස්කම් සිදුවන බව බොරැල්ල කැම්බල්පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මහා සම්මේලනයේදී ඇමති රවි කරුණානායක මේ ගැන කියා සිටියා.