එක්සත් ජාතික පක්ෂය හා පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් යුත් යහපාලන ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැදීමට හෙට (12) උදෑසන අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව වාර්තා වේ.
අදාල ගිවිසුමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, චම්පික රණවක මහතාත් අත්සන් තැබීමට නියමිත බවත් එය අත්සන් තැබීම අරලියගහ මන්දිරයේදි සිදුවන බවත් පැවසේ.
ඒ අනුව චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටත්, අතුරලියේ රතන හිමියෝ ගම්පහටත්, රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු කළුතර දිස්ත්‍රික්කයටත්, කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික්කයටත් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
ඊට අමතරව එක්සත් යහ පාලන පෙරමුණට එක් නොවූ මැති ඇමතිවරු කිහිපදෙනෙක් ද ස්වාධීනව එක්සත් ජාතික පක්ෂයට එක්ව අලියා ලකුණින් තරඟ වැදීමට සූදානමින් සිටී.
ඒ අනුව එස්.බී. දිසානායක මහතා මහනුවරින්ද, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ත්රීකුණාමලයෙන්ද තරග වැදීමට නියමිත බව පැවසේ.
එසේම එජාපයට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයෙන්ද,එජාපය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වේ.
ශ්‍රීලනිපයේ තවත් 15 දෙනෙකු පමණ එජාපයට එක්වීමට අවසන්වටයේ සාකච්ඡාවල සිටින බවද මේ අතර වාර්තා වේ.