ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.
රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු ජනපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දුන් මැති ඇමතිවරුන් පිරිසක් එම පෙරමුණට එක් වනු ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.
දූෂණ, වංචා චෝදනා ලැබූවන් සමඟ එක්ව තරඟ කිරීම සිය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය රැක ගැනීම උදෙසා මෙම පෙරමුණ පිහිටුවා ගත් බව පැවසූ අමාත්‍යවරයා, නව පෙරමුණට නාම යෝජනා ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සෙනසුරාදා හෝ ඉරිදා වනවිට පෙරමුණ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නව වාතාවරණය හේතුවෙන් නාමයෝජනා පත්‍ර බාරදීම සඳුදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සහ මහ මැතිවරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ඉඩ ඇතැයි ද වාර්තා වනවා.