• Thu. Feb 2nd, 2023

patali champika

වසරක් තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් රාජ්‍ය භාණ්ඩගාරයෙන් මුදල් නොලබන ස්වාධීන ආයතනයක් බවට පත් කරනවා
මෛත‍්‍රි පාලනයක් තුළ ඉටු නොවූ කටයුතු ඉටු කරගැනීම සදහා නව පෙරමුණක අවශ්‍යතාව පවතින බවත් ජනවාරි අට වෙනිදා ඇති වූ වෙනස ඉදිරියට ගෙන යෑම සදහා සියලූ‍ දේශපාලන පක්ෂවල වෙනස්වීමක් අවශ්‍ය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජන හමුවකට එක් වෙමිනි

ජනවාරි අට වෙනිදා ආරම්භ කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස ආපසු හරවන්නට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන ලෙසත් එම වෙනස සදහා අත්වැල් බැදගත යුතු කාලය එළබ ඇති බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය. ඒ සදහා නායකත්වයදීමට මේ වන විට දේශපාලන පෙරමුණක් ඇතිකර ඇති අතර ඒ සදහා සුළු කණ්ඩයම් වලට හා ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“සමහර අය ප‍්‍රශ්න කරනවා දින සියයයෙන් අපි මොනවද කලේ කියලා මීට පෙර විදුලිබල අමාත්‍යංශය ණය බරින් මිරිකුණ ආයතනයක් ලෙස සදහන් කලේ එහෙත් අද වන විට එය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් නොලබන ස්වාධීන ආයතනයක් බවට පත් කර තිබෙනවා තව වසරක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් එලෙස ස්වාධීන ආයතනයක් බවට පත්කීරීමට බලාපොරොත්තු වෙනවා ඥාතිමිත‍්‍රාදීන් තෙල් සපයපු කාලය අවසන් කර තිබෙනවා ටෙන්ඩර් තුනක් අවලංගු කර තරගකාරී මට්ටමට මෙම ආයතන යොමු කිරීමෙන් පමණක් රුපියල් මිලියන පන්සියයක් ඉතුරුකිරීමට හැකියාව ලැබී තිබෙනවා ජාවාරම්කාරයින්ගේ විදුලි මාෆියාව තෙල් බලාගාර වසාදැමීමෙන් පමණක් මිලියන 3600ක් අප ඉතුරු කර තිබෙනවා ජනවාරී 20 වෙනිදා සිදු කළ ප්‍රෙට්ට‍්‍රල්ල ඞීසල්ල භූමිතෙල්වලට පනවා තිබූ බදු ඉවත්කිරීම තුළ සෑම පවුලකටම රු16000ක සහනයක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා මේ කාලය තුළ ජනතාවට විශාලම සහනයක් ලබාදුන්නේ අපේ අමාත්‍යාංශය මගින්”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *