මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීම මේ වන විට ස්ථිර කොට ඇති අතර ඔහුගේ මැතිවරණ කටයුතු මෙහෙයවිම සදහා සොයුරු බැසිල් රාජපක්ෂට ලබාදි ඇත.
කෙසේ නමුත් බැසිල් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා ඇත. ඔහු අත්අඩංගුවෙන් නිදහස් වූ වහාම ඇමරිකාව බලා යාමට බලාපොරොත්තුවෙන් සිටියත් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තිබීම හේතුවෙන් මූළ්‍ය වංචා නඩුව අවසන් වන තෙක් ඒ සදහා අවකාශ නොලැබෙන බව වාර්තාවේ.
ඒ අනුව ලංකාවේ රැදී සිටින කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ඔහුට මැතිවරණ මෙහෙයුම් කටයුතු පවරා ඇත.
කෙසේ නමුත් පසුගිය කාලයේ විමල් වීරවංශ චෝදනා කොට සිටියේ පසුගිය ජනාධිපතිවරණ පරාජය සදහා ප්රමුඛ වගකිව යුත්තා බැසිල් රාජපක්ෂ බවයි