ජනවාරි අට වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහ ජනතාව රට නව දිශාවකට යොමුකරවීම සඳහා ලබාදුන් පැහැදිලි ජන වරමින් අපේක්ෂිත අරමුණු නැවත හැරවීම සඳහා ඇතැම් බලවේග පෙළ ගැසෙමින් පවතින වාතාවරණයක් යටතේ සියලු ප්රගතිශීලී සහ දෑහිතකාමී පිරිස් එක් වේදිකාවකට පැමිණ ජනාධිපතිවරණයේ ලැබුණු ජන වරම ආරක්ෂාකර ඉදිරියට ගෙන යාම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති හෙයින් එම අරමුණ පෙර දැරිකරගෙන සන්ධාන ගතවීමට මෙම පක්ෂ සහ කණ්ඩායම් තීරණයකට එළැඹ තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම තුළින් රටේ සාමය හා සංහිඳියාව පිළිබඳ තීරණයකට එලැඹීමේදී රටේ ඒකීයභාවය සහා භෞමික අඛණ්ඩතාවය පිළිගැනීමට එකඟ වේ . ජනාධිපතිවරණයෙන් පසු ඉටු කරගැනීමට නොහැකිවූ යහපාලනයට හා ප්රජාතන්ත්රවාදයට අදාළ සියලු ප්‍රති සංස්කරණ ඉටුකරගැනීම මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලැබෙන අතර මනාප ක්‍රමය අහෝසි කර සෑම ආසනයකටම වග කියන මන්ත්‍රීවරයෙකු හිමිවන මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ප්‍රමුඛත්වය දීමට ද එකඟ වේ.
දින සියයේ වැඩපිළිවෙල යටතේ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගත කරනු ලැබූ ව්‍යවස්ථා සභා සහ සියලු ස්වාධීන කොමිෂන් සභා නිසි පරිදි ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට ද එකඟ වේ. වංචාවට හා දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ද තාරාතිරම නොබලා වැරැදි කරුවන් නීතිය හමුවට පැමිණ වීමට ද එසේම දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් දූෂණ හා වංචා සිදුකරන්නන්ට දැඩි දඬුවම් ලබා දීමට නව නීති සකස් කිරීමට ද තවදුරටත් එකඟ වීම ඇතුලුව තවත් කරුණු ගණනාවක් මේ ගිවිසුමට ඇතුළත් වේ.