එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු චෝදනාවලට ලක්වූ ඔහුගේ අනුගාමිකයින් පිරිසකට නාම යෝජනා ලබාදීමට සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) ජාතිය හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරන බව, ඔහුගේ ආරාධනයෙන් ඔහු සමග සාකච්ඡාවක සහභාගිවූ ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් අමතමින් ද සඳහන් කර තිබිණ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය බදාදා (08) රාත්‍රියේ පැවති එම සාකච්ඡාවට ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින්, ධර්මසිරි බණ්ඩාරනායක, රවි ජයවර්ධන යන මහත්වරුන් සහ දඹර අමිල හිමියන් සහභාගී විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීමේ ක්‍රියාවලියට තමන් මැදිහත් නොවූ බව එහිදී පවසා ඇති ජනාධිපතිවරයා, එම කටයුතු සම්පූර්ණයෙන් සිදු කර ඇත්තේ සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෛත්‍රී ස්වාධීනයි :
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වනු ඇති බවත්, මෙවර මහ මැතිවරණයේදී කිසිඳු පක්ෂයකට පක්ෂග්රාහී නොවී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
(ශ්‍රීලංකා මිරර්)
දෑන්නමි පිස්සුද කොහේද සිරාවටම…..