රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා නොගන්නා බව ආදර්ශයෙන් ඔප්පු කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍යාංශයෙන් ඔහු වෙත ලබා දී තිබූ නිල රථ දෙක යළි භාර දී තිබෙනවා.
නිල රථවල යතුරු, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන් මෙන්ඩිස් මහතා වෙත අමාත්‍ය රවී කරුණානායක මහතා භාර දෙනු ලැබුවා.
මේ ආදර්ශයට අනුව සියලු අමාත්‍යවරුන් කටයුතු කරනු ඇති බව එහි දී අදහස් දක්වමින් රවී කරුණානායක මහතා සඳහන් කළේ ය.
ආණ්ඩුවේ අමාත්‍යවරු හෝ මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහා ම අනාවරණ කරන ලෙස මුදල් අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.
අගෝස්තු මස 17 වැනි දා එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහිවනු ඇති බවත්, එම ජයග්‍රහණය කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය නොකර ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව බවත් ඔහු සදහන් කර සිටියා.