නුවරඑළිය නගරයේ ප්‍රධාන පෙළේ අවන්හලකින් සපයන ලද කන්කුන් ඩෙවල් දීසියක තණකොළ හා තුත්තිරි බොහෝ ප්‍රමාණයක් තිබී ඇත.
රාතී‍්‍ර ආහාරය සඳහා ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල් හා කන්කුන් ඩෙවල් ඇණවුම් කළ විට ලැබුණු කන්කුන් දීසියේ මෙසේ තණකොළ හා තුත්තිරි තිබුණු බව දිනේෂ් ගීකියනගේ මහතා සඳහන් කරයි.
ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායම් නායකයා ලෙස තරඟ වදියි.
පසුගිය 12 වැනිදා රාතී‍්‍ර ආහාරය සඳහා පවුලේ උදවිය සමඟ නුවරඑළිය නගරයේ ප්‍රධාන අවන්හලකට ගොඩ වුණු අවස්ථාවේදී මෙම සිදු වීමට මුහුණ දුන් බව ගීකියනගේ මහතා පවසයි.
ඒ පිළිබඳව අවන්හලේ කළමනාකරුට දැන්වීමෙන් පසුව ආහාර සඳහා මුදල් අනවශ්‍ය බවත් සිද්ධිය හෙළි නොකරන ලෙසත් ඉල්ලා තිබේ.