ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අද(14) පස්වරු 5.30 ට සියලුම මාධ්‍ය කැඳවා තිබෙනවා.මෙහිදී මෙවර මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන ඇති පියවර හා ඉදිරි පියවර ගැන මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධතාවයක් එල්ල වුණා.
ජනාධිපතිවරයා බොහෝ දුරට මැතිවරණ කටයුතුවලින් ඉවත් ව සිටිනු ඇතැයි ‘ද හින්දු’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහින්දී ප්‍රකාශ කර ඇත.
හිටපු ජනපතිවරයාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මෙසේ කියා ඇත.
‘ඔහු ජනපතිවරයා වුවද පක්ෂය සම්පූර්ණයෙන් පාලනය කළේ නැහැ. කෙසේ නමුත් ඔහු මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරයි‘