එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කරන ඩලස් අලහප්පෙරුමගේ හා මනෝජ් සිරිසේනගේ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වී තිබීම නිසා මාතර සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමේ අවධානමක් මතුව ඇති බව මාතර තේරීම් භාර නිලධාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මාතර දිස්ත්‍රික් සන්ධාන කණ්ඩායමේ නායක ඩලස් අලහප්පෙරුම මහතාට අමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය ඇති බව සඳහන් කරමින් අපේ ජාතික පෙරමුණ අදාල විරෝධතාව ගොනුකර ඇති අතර මනෝජ් සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති බව පවසමින් ජනතා විමුක්කි පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක සුනිල් හඳුනෙත්ති මහතා විසින් අදාල විරෝධතාව ඉදිරිපත් කර තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට ඡන්ද අයිතිය අහිමිවන අතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාවද අහිමි වේ.
නිදහස් සන්ධාන ලැයිස්තුවේ සිටින මනෝජ් සිරිසේනට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.එමෙන්ම පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුමට ඇමෙරිකානු පුරවැසිභාවය හිමිව තිබීමත් සන්ධාන ලැයිස්තුව ප්‍රතික්ෂේපවීමට ඉඩ ඇති ආසන්නතම හේතුව වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම සිදුවීම නිසා මාතර ද්‍රිස්තික්කයේ සන්ධානය නියෝජනය කරන බොහෝ අපේක්ෂකයන් මෙන්ම,සන්ධාන පාක්ෂිකයන්ද තැති ගැන්මකට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.එමෙන්ම මෙම නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා පිළිගතහොත් එයට එරෙහිව අභියාචනාධිකරණයට යෑම සඳහා ප්‍රබල නීතිවේදීන් කිහිපපොළක්ම පිඹුරුපත් සකසා ඇති බවටත් අපට වාර්තා වී තිබෙනවා.