“මේ රටට දැන් ස්ථාවර පාලනයක් අවශ්‍යයි. රටට ආපසු යන්න බැහැ. ආපසු අඳුරු අතීතයට යන්න බැහැ. පවුල්වාදී, බලකාමී අතීතයට යන්නේ නැතිව, අපි ඉදිරියට යන්න ඕන. ඉදිරි මැතිවරණයේදී ජනවාරි 8 මේ රටේ ජනතාව යහපාලනයක් වෙනුවෙන් ලබාදුන් ජනවරම ඉදිරියට ක්‍රියාත්මක කරන්න, යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් අපි ඉදිරිපත් වුණා” යැයි එක්සත් යහපාලන ජාතික පෙරමුණේ ලේකම්, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා සිය ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන්, අද පෙරවරුවේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය සහ මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුවරුව මෙම අදහස් දක්වන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“අපේ ප්‍රධාන අරමුණ වූ මෛත්‍රී පාලනයක් නමින් ඉදිරිපත් කරපු ප්‍රථිපත්ති ප්රකාශනයේ ඇතැම් කරුණු ඉෂ්ඨ කරගන්න බැරිවුණා. මොකද ඒ ජනාධිපතිවරණයේදී ලැබුණ ජනවරමක් නෙමෙයි පාර්ලිමේන්තුවේ තිබුණේ. පාර්ලිමේන්තුවේ තිබුණේ 2010 ජනවරම. ඒ නිසා විශාල ගැටළු, ප්‍රශ්න පැනනැග්ගා. ඒ නිසා මේ සෑම දේශපාලන පක්ෂයක්ම අළුතින් ප්‍රතිසංවිධානය වෙලා, නවිකරණය වෙලා නව ගමනකට, නව යුගයකට සූදානම් වියයුතුයි. ඒකීය ශ්‍රී ලංකාවක් යටතේ ජනතාවට සහජීවනයෙන් ඉදිරිය බලා යන්න ශක්තිමත් ආර්ථික අඩිතාලමක් දමාගත යුතුයි. රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න, සදාචාරාත්මක, ශිලාචාර රටක් හදන්න අපි කැපවෙනවා “යැයි පැවසීය.