• Tue. Feb 7th, 2023

සන්ධානයේ මෛත්‍රී පාර්ශවයට කැපිලි – විරසකය ගම්පහෙන් එළියට එයි

UPFA
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනාලබා දී ඇති අපේක්ෂකයන් අතර ‘යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ’ට සහය දක්වන කණ්ඩායම් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඉදිරිපත් වන පිරිසට අමතරව රාජපක්ෂ විරෝධී තව පිරිසන් සන්ධානයෙන්ම ඉදිරිපත් වී සිටිති.එම පිරිස කෙළෙස හෝ පැරදවීමට මහින්ද හිතවාදී කණ්ඩායම මහ ඡන්දයේ දී දැඩි උත්සාහයක් ගන්නා බවත්, දැනටමන් ඊට පිඹුරුපත් සකසන බවත් දැනගන්නට තිබේ.

හදිසියේ ඇතිවූ හෘද්ධයාබාධයක් නිසා සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉරිදා (13) සන්ද්‍යාවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබූ අතර ඊට ටික වේලාවකට පෙර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ටයෙන් වන ෆීලික්ස් පෙරේරා ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි සන්ධාන ආරංචි සඳහන් කරයි.

සන්ධානයේ හිටපු ප්‍රභලයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද ඉරිදා සවස නාමයෝජනා අත්සන් නොකර අපසු පැමිණ ඇති අතර ඇය ද සන්ධානයේ බලධාරීන් සමඟ දැඩි ලෙස සංවාධ කරගෙන තිබේ. ඇගේ ආසනයෙන් ඇය කපා දැමීමට විමල් වීරවංශගේ, තිස්ස විතාරණගේ හා උදය ගම්මන්පිලගේ ගෝලයන් ඇගේ ආසනයෙන් ඉදිරිපත් කිරීමට ඊට හේතුවයි. එම ගැටළුව යන්තම් විසඳුණු නිසා පෙරදින රාත්‍රී නැවත ගොස් ඇය නාමයෝජනා අත්සන් කර තිබේ.

ශ්‍රීලනිපයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රභලයන් වන ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න සහ සුදර්ශනී ප්‍රණාන්දු පුල්ලේ ඇතුළු පිරසක් ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්තේ ප්‍රසන්න රණතුංග බව දැනගන්නට ඇත.

එම තත්වය ඊයේ දින ගම්පහින් හොදින් පැහැදිලි වූ බවයි  ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ නාම යෝජනා බාර දීමට කච්චේරියට ආවේ වෙනමය. නාමයේාජනා බාර දී කච්චේරියෙන් පිටව ගියේත්, මාධ්‍යයට අදහස් දැක්වූයේත් වෙනම කණ්ඩායමක් ලෙසය. මහ ඇමැති ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු කිහිප දෙනෙක් තවත් කණ්ඩායමක් ලෙස සිටියහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොවන මේ අවුල සෑම දිස්ත්‍රික්කයකම පාහේ ඇතැයි කියති.

උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයේ මෛත්‍රී හිතවාදීන් කපා දැමීමට දැඩි වෙහෙසක් ගනී.

නාමයෝජනා බාර දීමට කණ්ඩායම් නායකයා යෑම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් කුරුනෑගල සන්ධාන නාමයෝජනා බාර දීමට එම දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ ගියේ නැත.

ෆීලික්ස් පෙරේරා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, පේෂල ජයරත්න, ප්‍රසන්න සෝලංගආරච්චි, එස් බී දිසානායක ඇතුළු පිරිසක් ඡන්දෙන් පසු නැවත මෛත්‍රීට එකතුවෙතියි සිතන මහින්ද පාර්ශ්වය ඔවුන් ඡන්දයෙන් පරදවා තම හිතවතුන්ට තැන ලබා දීමට වෙහෙසෙති.

නාමයෝජනා ලබාදීමට කණ්ඩායම් දෙකකට බෙදී පැමිණීමත්, පිටත්විමත් මේ කරණාවට මූලික වශයෙන් බලපෑවා. එක කාණ්ඩයක් ෆිලික්ස් පෙරේරා සමඟත් අනෙක් කාණ්ඩය ප්‍රසන්න රණතුංග සමඟ වෙන්ව පැමිණීමත් කාගේත් කතා බහට ලක් වුණා.ඉදිරියේදී මෙවන් බෙදීම් සහ සන්ධානය තුළ මනාප ගැටුම් සිදුවිය හැකි බවට දේශපාලන විචාරකයින් අනාවැකි පල කරසිටිනවා.

මේ නිසා මැතිවරණ ප්‍රචාරක සැලසුම්, තොරතුරු පිටතට යාමත්,විරුද්ධ පාක්ෂිකයන් වෙත එල්ලකිරීමට යන මඩ ප්‍රචාරයන් හෙළිදරව් වීම වලක්වා ගැනීම අපහසු වී තිබේ.එනම් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමි‍ටුව තුල මහින්ද විරෝධීකණ්ඩායම් සිටීම නිසා ඔවුන්ගේ අනුමැතියෙන් තොරව එම කටයුතු සැලසුම් කිරීමද දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද විරෝධී කණ්ඩායමද යහපාලන පෙරමුණට ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා අවස්ථාව උදා වුවහොත් නියත වශයෙන්ම ඔවුන් එක්වනු ඇත.මේ තත්වය හෙළිවීම නිසා මහින්ද පාර්ශ්වය මෙම කණ්ඩායම යහපාලන කුමන්ත්‍රණකරුවන් ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇති බව මේ වනවිට පටන් ගෙන තිබෙනවා.

මෙය වැඩි වශයෙන් බලප ඇත්තේ පසුගියදා කලාවැව ආසන සංවිධායක ධුරය ලබා දෙන ලද දුමින්ද දිසානායක මහතාට එරෙහිව වය.ඇමතිවරයාට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් ගෙන යායුතු බව රාජපක්ෂ ප්‍රබලයන් තීන්දු කර ඇති බවත් ඉදිරියේ උතුරු මැද මෙන්ම ශ්‍රී ලනීපය තුල නැගී එන නායකත්වයට වඩාත්ම සුදුසුකම් ලබන නායකයා වනු ඇත්තේ දුමින්ද දිසානායක මහතා බවත් රාජපක්ෂලා විශ්වාස කරන පරිදි දුමින්ද මහතාගේ කේන්ද්‍ර සටහනේ රාජ යෝගයක් පිහිටා ඇති බවට රාජපක්ෂලාට සනාථ වී ඇත . මේ නිසා අනාගතයේදී රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට අවස්ථාව අහිමි වීමත් සිදුවනු ඇති බවත් රාජපක්ෂවරුන්ට අවබෝධ වි ඇති බව සැලවේ. දුමින්ද දිසානායක ශ්‍රී ලනීපයෙන් ඉවත්ව නොගියේ මේ අනාගත බලපොරොත්තුව නිසා බව ඔහුට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ සඳහා ජනාධිපතිවරයාගේත් ශ්‍රී ලනීපයේ ජේෂ්ඨයන් ගනනනාවක්ගේ උපදෙස් හා ආශිර්වාදය ඔහුට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කොලොන්නාවෙන් තරග වදින ප්‍රසන්න දැඩි මහින්ද විරෝධියකු වන අතර ඔහු මේවන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රියත්වය මහින්දවාදීන්ට ප්‍රබල තර්ජනයක් වනු ඇති බවටද සන්ධානය තුළ බියක් පවතී .

10 12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *