• Tue. Feb 7th, 2023

maithri speech 14.7

ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. ජනවාරි 8 වැනිදා තිබූ විරෝධය අදත් එසේම තිබෙනවා යැයිද ජනාධිපතිවරයා පැවැසීය. නිදහස්, සාධාරණ මැතිවරණයක් සඳහා මම මැතිවරණ කොමසාරිස්වරයාටත් පොලිස්පතිතුමාටත් සම්පූර්ණ සහාය දෙමින් මැදහත්ව සිටිනවා යැයිද ජනපති පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ප්‍රකාශය කළේය.මේ රටේ ජනාධිපතිවරණයකින් පරාජය වූ එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතායි. ජනවාරි 8 වැනිදා පරාජය වූ ඔහු ඉදිරියටත් පරාජය වනු ස්ථිර යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.ඉදිරි පාර්ලිමේන්තු ප්‍රතිඵලය තුළ මට අවශ්‍ය ජනවාරි 8 වැනිදා ප්‍රතිපත්ති අනුමත කරන බහුතරයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම පමණයි. පක්‍ෂය කුමක් වුවත් මට ප්‍රශ්නයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. ජනවාරි 8 වැනිදා තිබූ විරෝධය අදත් එසේම තිබෙනවා යැයිද ජනාධිපතිවරයා පැවැසීය. නිදහස්, සාධාරණ මැතිවරණයක් සඳහා මම මැතිවරණ කොමසාරිස්වරයාටත් පොලිස්පතිතුමාටත් සම්පූර්ණ සහාය දෙමින් මැදහත්ව සිටිනවා යැයිද ජනපති පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ප්‍රකාශය කළේය.
මගේ මතකයේ හැටියට පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා මේ වගේ හමුවීමෙන් පස්සේ තමයි අද මේ විදියට ඔබ හමුවන්නේ. විශේෂයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ.
ජනවාරි 8 වැනිදා මේ රටේ සිදුවූ පරිවර්තනය, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සාමාන්‍යයෙන් එවැනි පරිවර්තනයක් ඉතාම කෙටි කාලයකින් ඒ කියන්නේ මම ආණ්ඩුවෙන් එළියට බැහැල නොවැම්බර් 21 – ජනවාරි 8 වැනිදා වන විට දවස් 42ක් වැනි කාලයක්. දවස් 42ක් වැනි කාලයකදී තමයි අපිට රටේ අනාගතය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මේ සියල්ල පෝෂණය කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්කම ලැබුණේ.

“එහිදී මම ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශය, විශේෂයෙන්ම මෛත්‍රි පාලනයක් පිළිබඳ මම සිහිපත් කරන්නට ඕන. මේ ප්‍රකාශය බොහොම වැදගත් ප්‍රකාශනයක් ලෙස අපේ රටේ මහජනතාවට ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ තිබෙන කරුණු වගේම එදා පොදු අපේක්‍ෂකයා ලෙස මාව තෝරා ගැනීමට මූලික වූ පසුබිමක් තිබුණා.
අවුරුදු 49ක මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක්, ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කරලා ඒ කාලය තුළ 49 අවුරුද්දක් මේ රටේ පොදු ජනතාව තුළ මම විශ්වාස කරනවා මා පිළිබඳ පෞද්ගලිකව පිළිගැනීමක් තිබුණා. මම දූෂිතයෙක් නෙවේ. ඒ වගේම පැහැදිලිවම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන කෙනෙක්. ඒ වගේම තමන්ට ලැබෙන බලය වැරැදි ලෙස භාවිත නොකරපු කෙනෙක්. ඒ නිසා මම මේ තනතුරට සුදුසුයි කියන මතය පොදු ජනතාව තුළ තිබුණා. මගේ චරිතයත්, මගේ පෞරුෂත්වය, මගේ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ ගොඩනඟාගෙන තිබුණු දේශපාලන ප්‍රතිරූපයත් කෙරෙහි ජනතාවගේ තිබූ විශ්වාසය සහ බලාපොරාත්තු.
ඒ වගේම ඒ විශ්වාසය සහ බලාපොරොත්තුව සමඟ ප්‍රධාන වශයෙන්ම මැතිවරණයට මම ඉදිරිපත් වෙලා පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගන්න අවස්ථාව වන විට මම ඒ කාලයෙත් කිව්වා මැතිවරණ ව්‍යාපාරය තුළත් නොවැම්බර් 21 ආණ්ඩුවෙන් එළියට බහින්න කලින් එක දවසක්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හමුවෙලා තිබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එක දවසක් හමුවෙලා පැයකට අඩු කාලයක් සාකච්ඡා කළේ. ඒ වගේම අපි මැතිවරණ ප්‍රකාශනයත් එක්ක සංවිධාන, දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් 49ක් අස්සන් කෙරුවා.
ඒ ලැබුණු සහයෝගය තුළ අපට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ ජයග්‍රහණය ලැබිලා ඒත් එක්කම ජනවාරි 9 වැනිදා සන්ධ්‍යාවේ මේ වගේ වෙලාවක ජනාධිපතිවරයා විදියට දිවුරුම් දීලා මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු කරුණු සහ මම ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ වගකීම මා වෙත පැවරුණා.
මම ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා ඉතාම සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට පත් කළා. මම ජනවාරි 8ට කලින් අස්සන් කරලා තිබුණ එකඟතාවන් දෙකක් තිබුණා. ඒ දෙකින් එකක් තමයි මේ මැතිවරණ ප්‍රකාශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් අර පක්‍ෂ, සංවිධාන, කණ්ඩායම් එකතුව 49ක් අපි අස්සන් කරපු ප්‍රකාශනය එකක්.
ඊළඟට අස්සන් කරලා තිබුණ එකම දේ තමයි මම ජනාධිපති ධුරයට පත්වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයට පත් කරනවා කියන එක. ඒ අනුව මම දිවුරුම් දීලා සුළු මොහොතකින් මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයට පත් කළා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයට පත් කරන කොට පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමක්ද, පාර්ලිමේන්තුවේ 225යි මන්ත්‍රි සංඛ්‍යාව. රනිල් වික්‍රමසිංහ අගමැති කරන කොට එක්සත් ජාතික පක්‍ෂය මන්ත්‍රින් සංඛ්‍යාව 47යි. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 47 දෙනෙක් ඉන්න පක්‍ෂයේ නායකයා මම අගමැති විදියට පත් කෙරුවා. දැන් අද පවතින දේශපාලන වාතාවරණය තුළ මට ඇතැම් අය මාව බලයට පත් කරපු අය, මාගේ හිතවතුන් ඔවුන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරනවා, චෝදනා පත්‍ර දෙනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය භාරගත් එක වැරැදියි, ඒක භාර ගන්නේ නැතිව ඉන්නයි තිබුණේ කියලා.
දැන් පාර්ලිමේන්තුවේ 225න් 47ක් තියෙන පක්‍ෂයේ නායකයා අගමැති කරලා ඒ එක්කම මේ අස්සන් කරපු එකඟතාව තුළ මගේ නම් කැමැත්ත තිබුණේ මේ අස්සන් කිරීමට පෙර ජනවාරි 9 වැනිදා දිවුරුම් දීලා 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්නයි මගේ බලාපොරොත්තුව තිබුණේ. ඒක තමයි පහසුම දේ විදියට මම දැක්කේ.
නමුත් මේ ප්‍රකාශනය හදපු මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරපු ඒ සියලු ඒකාබද්ධ සංවිධානවල එකඟතාව සහ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේ දින සියයේ වැඩපිළිවෙළ කියන එක ඔබ දන්නවා. එහි කාර්යභාර්යය එසේ මෙසේ දෙයක් නෙවේ තිබුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. මම ජනතාවට දුන් පොරොන්දුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට දෙන්න, ස්වාධීන කොමිෂන් සභාවලට දෙන්න, අනිත් ආයතනවලට දෙන්න, ඇමැති මණ්ඩලයට දෙන්න. දැන් මම අහන ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගත්ත එක මම කරපු බරපතළ වැරැද්දක් කියලා චෝදනා කරන මගේ මිත්‍රයන්ගෙන් මේ 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති කරලා කියනවා මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, 19 වැනි සංශෝධනය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම. මම මේ තනතුරට එන්න කලින් අත්දෙකම ඔසවාගෙන ආවේ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම ඕන එකකට මම එකඟයි. මම එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මේ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා. රටේ පොදු මහජනතාව වෙනුවෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මම භාරගත්තේ ජනවාරි 16. ඒකත් මම බලෙන් භාරගත්තේ නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. මට ආරාධනා කළා භාරගන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් රැසක්. ඒගොල්ලෝ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙමු කියලා. තමුන්නාන්සේලා දන්නවා කතානායකතුමාගේ නිල නිවෙසේ විනාඩි 10, 15ක සාකච්ඡාවක්. පක්ෂය භාරගන්න කිව්වා. මම කිව්වා කැමැතියි කියලා. පහුවදා මධ්‍යම කාරක සභාව, විධායක සභාව රැස් වුණා. භාර දුන්නා.
පාර්ලිමේන්තුවේ 2/3 බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබෙන මන්ත්‍රිවරුන් 142ක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් මම නායකයා වුණා. සභාපති වුණා. ඒ නිසා මේ දින සියයේ සාර්ථකත්වය ගන්න පුළුවන් වුණා. 19 වැනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පුළුවන් වුණා. ඒ විතරක්ද අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව සියලු දෙනා කතා කරන ජනතාවට දුන් සහන රජයේ සේවකයන්ට පඩි වැඩි කරපුවා, තෙල් මිල, ගෑස් මිල, බඩු මිල අඩු කරපුවා ඒ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ සභාපති ධුරය මම භාර අරගෙන මේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන කරුණු ඉෂ්ට කරන්න සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම මෙහෙයවපු නිසයි.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවී මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපති විදියට හිටියනම් 19 වැනි සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. පාර්ලිමේන්තුවේ මුදල් ඇමැතිවරයාගේ අය-වැය යෝජනා සම්මත කළේ ඒකඡන්දයෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයා සභාපතිකමේ හිටියනම් ජනතාවට ලබාදුන් මේ සහන, බඩුමිල අඩුකිරීම්, තෙල්, ගෑස් මිල අඩු කිරීම්, පඩි වැඩිකිරීම්, මේ කිසි දෙයක් කරන්න ඒ අය-වැය යෝජනා සම්මත කරන්න දෙන්නේ නැහැ.
ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා. ඒ එක් එක් යුගවල මාධ්‍යවේදීන්ට සිද්ධ වුණ දේවල්, මාධ්‍ය හිර කරපු හැටි, නිදහස් මාධ්‍ය වළලපු හැටි එක් එක් යුගවල මම ඒවා කියන්න කාලය ගන්නේ නැහැ. ඔබ වගේම මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය හදපු දවසේ ඉඳලා මේ රටේ වුණු දේවල් දන්න සියලුදෙනා ඒ ගැන දන්නවා.
සමහර වෙලාවට මට හිතෙනවා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා 56 පොදු ජන ආණ්ඩුව පිහිටුවලා රට ප්‍රජාතන්ත්‍රවාදී කරලා, කම්කරු අයිතිවාසිකම් දීලා, නිදහස් දීලා, ප්‍රගතිශීලී අණපනත් සම්මත කරලා මහ පරිවර්තනයක් රටේ කරනකොට බණ්ඩාරනායක මැතිතුමා අවුරුදු තුනහමාරයි ආණ්ඩු කළේ වැඩ වර්ජන 459යි.
බණ්ඩාරනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයත් කැබිනට් එක වර්ජනය කෙරුවා. ඇමැති මණ්ඩල රැස්වීම වර්ජනය කෙරුවා. වැඩ වර්ජන එක දිගට යනකොට ඊට කලින් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා මම බැඳපු බල්ලෝ බණ්ඩා ලෙහෙලා දැම්මා කියලා. දැන් බණ්ඩාව හපා කනවා කිව්ව.
ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට නායකත්වය දුන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි ලෙස ස්ථාපිත කරපු, ඒ සඳහා වගකීම් අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයන්, විචාරකයන් මේ අත තද කරල ලියනකොට ද්‍රෝහියා, දුෂ්ටයා, පාවා දෙන්නා කියලා මම ඒගොල්ලන්ට කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ රස හොඳට භුක්ති විඳින්න. ජනවාරි 08 වැනිදා කරපු පරිවර්තනයෙන් මේ රටේ නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී සමාජය විනාශ කරන්න එපා. මාස 6ක් ඇතුළත මේ වචන පාවිච්චි කරනවනම් මම දන්නවා ජනවාරි 08 කලින් අද මට මේ පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණා නම් එහෙම මේ මට ගහන ගැහිලිවලින් සියයෙන් එකක් ගැහුවානම් ඒ ගහන අයට වෙන්නේ මොනවද කියලා වෙච්චි දේවල් එක්ක මේ රටේ ජනතාව තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රාජාණ්ඩුවක්නේ තිබුණේ. තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතනවලට කොහොමද උපදෙස් දීලා තිබුණේ ජනවාරි 08ට කලින්, ඇමැතිවරුන්ට ගහන්න ඕන තරම්, හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා.
ඉතින් මේ මාස 06 තුළ මේ රටේ ඝාතනය නැහැ. ලේ වැගිරීම් නැහැ. මහ කෝලාහල නැහැ. මේ රට සාමකාමී, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් මේ දේශපාලන කළමනාකරණය පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න තැන 47කින් අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා, අය – වැය ඒකමතිකව සම්මත කරලා මේ සියල්ල එක්ක විශේෂයෙන්ම යන විට මේ රටේ අවශ්‍ය වෙනස්කම් පැහැදිලි ලෙස කිරීමේ අවශ්‍යතාව මට තිබුණා.
මේ සිදුවීම් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ සන්ධානය තුළ අර්බුද ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා මට පක්‍ෂය භාරදුන්නට භාරදීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්‍ෂය නිර්මල, පිවිතුරු, පවිත්‍ර පක්‍ෂයක් විදියට දූෂණයෙන්, වංචාවෙන් එවැනි පුද්ගලයන්ගෙන් තොර අවස්ථාවාදීන්ගෙන් රාජ්‍ය දේපළ මංකොල්ලකන මිනිසුන්ගෙන්, බලය වැරැදි විදියට පාවිච්චි කරන අයගෙන්, පවුල්වාදයෙන් තොර පක්‍ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනඟන්න මම විශාල උත්සාහයක් අරගෙන තමයි කටයුතු කළේ.
එක් පැත්තකින් පාර්ලිමේන්තුවෙන් 47ක් ඉන්න නායකයෙක් අගමැති කරලා ආණ්ඩුවක් ගෙනියන්න ඕන. අනෙක් පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මම කියපු වෙනස්කම් කරන්න ඕන පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන. ඊළඟට මට විරුද්ධව රට පුරා රැස්වීම් තියන්න පටන්ගත්තා සන්ධානයේ නායකයන්. රට පුරා රැස්වීම් තියලා කියන්න ගත්තා මේකට 10ක් නැග්ගා. අරකට 25ක් නැග්ගා, මේකට 40ක් නැග්ගා, මේකට 50ක් නැග්ගා කාටද මේ අභියෝග කළේ. මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්‍ෂයට නොවේ. ඒ අභියෝගය කළේ කවුරුත් දන්නවා මටයි.
ඉතින් මේ සියල්ල එක්ක ගත්තහම අපි දන්නවා මේ පසුබිමත් එක්ක අපි අද මහ මැතිවරණයකට ගිහිල්ල තියෙනවා. මේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තුළ ප්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු 5 මේ රටේ දේශපාලන ස්ථාවරත්වය, ඒ වගේම ආර්ථිකය පිළිබඳ ප්‍රධාන වශයෙන්ම වගකීම, රට හැසිරවීම, කළමනාකරණය ප්‍රධාන වශයෙන් එන්නේ මේ මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුව.
දැන් මේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබඳව දැන් මට චෝදනා තුනක් එල්ල කරනවනේ මේ දවස්වල. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම භාර ගැනීම වැරැදියි කියලා. මම ඒකට උත්තර දුන්නා. අනෙක තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයාව හමුවීම වැරැදියි කියනවා. ඊළඟට තුන් වැනිව කියනවා අපේක්‍ෂකත්වය දුන්න එක බරපතළ වැරැද්දක් කියලා.
දැන් මහින්ද රාජපක්‍ෂ මහත්තයා මාව හමු වුණේ මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා අවස්ථා තුනක් හමු වුණා. පළමු අවස්ථාව තමයි කතානායක නිල නිවෙසේ පක්‍ෂය භාර ගන්න පළමු හමු වීම. දෙවැනි හමුවීම තමයි මුළු රටම දැක්කා දෙපාර්ශ්වයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම. ඒ හමුවට ඇවිල්ලා වාඩි වෙලා ඒ ආපු නියෝජිතයෝ ඉස්සෙල්ලම පටන් ගත්තේ ඉදිරි මැතිවරණය එනවා ඒකෙදී ඒ ඉල්ලීම් 4ක් ඉල්ලුවා.
පළමු ඉල්ලීම මහින්ද රාජපක්‍ෂ මහත්තයාව ඡන්දයෙන් පස්සේ අගමැති කරන්න. අගමැති අපේක්‍ෂකයා කරන්න. ඊළඟට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න. මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කළේ. මම මහින්ද රාජපක්‍ෂ මහත්තයා හමුවෙලා පාර්ලිමේන්තුවේ කතා කරපු සාකච්ඡාවේදී එකහෙළාම මම ප්‍රතික්‍ෂේප කෙරුවා. අගමැති ධුරය දෙන්න මම කැමැතිත් නැහැ. අගමැති අපේක්‍ෂකයෙක් විදියට පත් කරන්න මම කැමැතිත් නැහැ. කිසිසේත්ම මම මේවට එකඟතාවක් දක්වන්නේ නැහැ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුද්ධ වෙන්නේ කියලා. මම කිව්වා ජනවාරි 8 වැනිදා ලැබූ ජයග්‍රහණය ආපසු හරවන්න මට දෙන්න බැහැ කියලා..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *