සිවිල් සංවිධාන 47ක් සහ යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මේ සතියේදී කොළඹ සිදු කෙරෙන බව පුරවැසි බලය සංවිධානය පවසයි එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන්නේ ගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සිවිල් සංවිධාන බව ද එම සංවිධාන කියයි
සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියන්,අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිවිල් සංවිධාන නායකයන් ද එම අවබෝධතාවයට එක්වීමට නියමිතය